ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (Zuhair Zaid) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබුණා.

සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව එහිදී ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට එරෙහිව හඬ නැගීම වෙනුවෙන් සහ පලස්තීන සහයෝගීතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගයට අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.

මෙම අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායකද එක්ව තිබුණා.