මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පුරෝගාමීන් අතර කෙනකු වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ දියණිය, සුභානි අමරදේව ජාතික ජන බලවේගයේ ගම්පහ ආසන කාන්තා රැලියට එක්ව සිටියා ය.

එම රැලියේ දී කෙටි අදහස් දැක්වීමක් කළ ඇය වසර පහකට වරක් දේශපාලනඥයන්ගේ හුදු සුරංගනා කතාවලට රැවටුණු ජනතාව ආණ්ඩු පිහිටුවන ආකාරය දැක තිබෙන බවත්, ජනතාව එම දේශපාලනඥයන් රට ගොඩනඟාවි යැයි කල්පනා කළ ද, තිබුණු තැනිනුත් එය ඇදවැටී තව දුරටත් සුරංගනා කතාවලට නොරැවටෙන බව අවධාරණය කළා ය.

එම කෙටි අදහස් දැක්වීමෙන් පසුව ඩෝල්ටන් අල්විස් රචනා කළ අමරදේව විසින් සංගීතවත් කර ගායනා කළ ‘සසර වසන තුරු’ ගීතය ගායනා කළා ය.