පාර්ලිමේන්තුවේ නව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව තිබේ.
ජගත් වික්‍රමරත්න, 2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු අතර, මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන 51,391 මනාප ලබා ගත්තේය. වෛද්‍ය පරිපාලකයෙකු ලෙසත් විශිෂ්ට සේවාවක් දැක්වූ වික්‍රමරත්න, පොලොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙසත් ප්‍රසිද්ධය.
හිටපු කතානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව කතානායක ධූරය හිස්ව පවතින අතර, අඟහරුවාදා (17) රැස්වන පාර්ලිමේන්තුවේදී නව කතානායකවරයෙකු පත්කිරීමට නියමිතය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ 23 වැනි කතානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න පත් කරන බව වාර්තා වේ.
කථානායක ධූරය සඳහා මීට පෙර නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති, සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන තිදෙනාගේ නම්ද යෝජිත වී තිබුණි.
මේ අතර, විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයද කතානායක ධූරය සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට තීරණය කර තිබේ.