මෙවර ජනාධිපතිවරණයේ දී දමිළ ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිබඳව දැඩි අපේක්ෂා සහගතව සිටින බව දමිළ පුවත්පත්වල පළ කරන ප්රවෘත්ති සහ වාර්තාවලින් තහවුරු වී තිබේ.
ඊයේ (20) නිකුත් කළ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් තුනක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ දේශපාලන ස්ථාවරයන් පිළිබඳව ප්රමුඛ වාර්තා පළ කර තිබිණි. ඒ අතර කිහිපයක් පහත දැක්වේ.
තමිලන් පුවත්පත – “අපට පාලනය බාර ගන්න ආරාධනා කළේ නෑ“
තිනකුරල් පුවත්පත – “අර්බුද සමයේදී රජය බාර ගන්න අපි සූදානමින් සිටියා“
වීරකේසරී පුවත්පත – “අපි පැනලා ගියේ නෑ – ජනාධිපතිට අනුර පිළිතුරු දෙයි“
ආදී වශයෙන් විවිධ සිරස්තල යටතේ විශේෂ අවධානයක් පසුගිය 19 වෙනි දින අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් පවත්වන මාධ්‍ය හමුව කෙරෙහි යොමු කර තිබිණි.