ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කැම්පේන් කරන අය අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පවසනවා.
“රටේ ම ඉන්න එජාපයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝට ම කියන්න තියෙන්නේ, දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා. නාමල්ට වත්, රනිල්ටවත් මේ රටේ මිනිස්සු බේරාගන්න බෑ. ඒක කරන්න පුළුවන් සජිත්ට විතරයි. මේ රට විනාශයට යන එක නවත්වන්න විතරක් නෙවෙයි, ජවිපෙට විරුද්ධ මතයක් දරන අයගේ ගෙවල් – ජීවිත බේරලා දෙන්න පුළුවන් වෙන්නෙත් මේ ඡන්දයේ දී තඹුත්තේගම දෙවන ගෝඨාභය පරද්දලා අනිවාර්යයෙන්ම ජනපති වෙන සජිත් ප්‍රේමදාසට විතරයි”යැයි මන්ත්‍රීවරිය කියා සිටියා.