ජපානයෙන් මෙරටට ලබා දෙන ආධාර නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ යළි සක්‍රිය කර ඇති අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව එක්වරම ව්‍යාපෘති 11 වෙනුවෙන් ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටී.

ඒ පිළිබඳව මෙරට සිටින ජපාන තානාපතිවරයා නවතම තොරතුරු අනාවරණය කර ඇත. එම තානාපති කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදාළ ව්‍යාපෘති පිළිබඳව කරුණු හෙළිකර ඇත. ජපානයෙන් ආධාර ලබා දෙන ව්‍යාපෘති 11 පහත දැක්වේ.

  1. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
  2. අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය
  3. කළු ගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
  4. මහනුවර නාගරික අපජල කළමනා කරණ ව්‍යාපෘතිය
  5. බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැසුම් ව්‍යාපෘතිය
  6. නාගරික සැලසුම්කරණය සඳහා ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය
  7. ජල ඉංජිනේරු සහ උපයෝගිතා කළමනාකරණය සඳහා අනාගත නායකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ව්‍යාපෘතිය
  8. මානව සම්පත් සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ ව්‍යාපෘතිය
  9. ඵලදායි රාජ්‍ය ආයෝජන කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය
  10. මෙරට විද්‍යුත් නාලිකා විකාශන ඩිපිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය
  11. උතුරු පළාතේ ධීවර හා ගොවිජන ගම්මාන, කිරි වැඩසටහන් සංවර්ධන සහාය සඳහා වූ ව්‍යාපෘතිය