ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.