සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එම නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත් සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් එහිදී අවධාරණය කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙසද නිලධාරින්ට උපදෙස් දී ඇත.
සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇති අතර අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසාදුගත ආයතන මෙන්ම බදු අය කර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
එසේම බදු අය කර ගැනීමේ දී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර බදු අය කර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳවද ජනාධිපතිගේ අවධානය යොමු කර ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ ආර්ථිකයට හිතකර ලෙස එම ආයතන පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.
එසේම නිෂ්පාදන සහ ඇසුරුම් ක්රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිව දැනුවත් කර ඇති අතර කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදු වන හානිය සම්බන්ධවද අවධානය යොමු කර ඇත.
සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්.වී.එස් තිස්ස කුමාර, සහකාර සුරාබදු කොමසාරිස් එම්.ජේ ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.ඒ චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්.ආර් පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.