කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාව ද තහවුරු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඒ පුත්තලමේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීමකින් තොරව රජයක් ලෙස ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගනු ලැබූ බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
එම නිසා කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් ලාංකිකයන් පමණක් නොව ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු මෙරට සිටින සියලුම විදෙස් ජාතිකයන්ගේ ද ආරක්ෂාව තහවුරු කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් පහත පරිදි වේ.
‘අපි දන්නවා මේ වන විට ලෝකයෙ යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා .එහි අවදානම් තත්වයක් ලංකාවට දැනිලා තිබුණා. සති දෙකකට පෙර අපිට වාර්තා වුණ. අපිට බුද්ධි අංශ ඒ බව අනාවර්ණය කර තිබුණා.ඒ සමගම අපි අදාල කටයුතු ආරම්භ කළා.වෙන රජයන් වාගේ පැවති රජයන් වාගේ ඒ දෙවල් ගැන මාධ්‍ය සාකච්ජා තිබ්බේ නැහැ.ඒ තොරතුරකට අනුව පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කළා. අපි ඒ බුද්ධි තොරතුරට අනුව වේගයෙන් ක්‍රියාත්මක වුණා.ඒ පිළිබදව සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නත් කටයුතු කළා.
ඒ වාගෙම කිසිදු සිවිල් පුද්ගලයකුට ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න ඉඩ නොදි බුද්ධි අංශ, ආරක්ෂක අංශ දිවා රාත්‍රි එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදි කටයුතු කළා. හැබැයි නැවතත් අපි කියන්න ඕනා අන්න ඒවාට තමයි ආණ්ඩු කියන්නේ.
ආරක්ෂාව අතින් පුරවැසියන් බලා ගත යුතුයි,අධ්‍යාපනය අතින් දරුවන් බලා ගත යුතුයි,ව්‍යාපාර අනිත් ව්‍යාපාරිකයින් බලා ගත යුතුයි කිසිදු කේෂත්රයක් බිද වැටීමකට ඉඩ නොතබා අපි වගකිම් ඉටු කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කළා.
හැම කෙනාම කියනවා මේ රජය මාසයෙන් කඩා වැටෙයි,මාස තුනෙන් කඩා වැටෙයි කියලා හැබැයි අපි හදලා තියෙන්නේ එසේ කඩා බිද වැට්ටිය හැකි ආණ්ඩුවක් නොවන බව සියලු දෙනා සිහි තබා ගත යුතුයි.’