චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි Qin Boyong ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ.
එම සභාපතිනි ඇතුළු දූත පිරිස පිළිගත් අගමැතිනි, දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අගමැති මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්යක්ෂ උදානි ගුණවර්ධන යන අය මෙම අවස්ථාවට එක්ව සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන්කරයි.