ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව ඉතිරි කොටය ඇදීමට පැමිණි රනිල් වික්‍රමසිංහ විවිධ කුමන්ත්‍රණ මගින් බලය දීර්ඝ කර ගැනීමට දරණ සියලු ප්‍රයත්න පරාජය කරන බව අවධාරණය කෙරේ.

මැතිවරණයක් පවත්වා මහජන මතය විමසීමට ඇති බිය නිසා හැංගී සිටින රනිල් වික්‍රමසිංහ දියත් කිරීමට සූදානම් වන කුමන්ත්‍රණය පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැඩි ප්‍රතිචාර දැක්වීය.