තම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය විසින් උතුරේ දී වැඩ කොටසක් කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ නැඟෙනහිර ජනතාව තම ව්‍යාපාරය කෙරෙහි කැමැත්ත දක්වන ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බවයි.
“උතුර පිළිබඳ ප්රශ්නයේ දි අපි දකින්නේ, ජයග්‍රහණය සඳහා දෙමළ ඡන්ද අවශ්‍යයි කියන පදනම මත නොවෙයි. අපි ආණ්ඩුවක් හදන්න ඕනෙ උතුර, දකුණ, නැඟෙනහිර සියලුම ජනතාවගේ විශ්වාසය මත. අපි දකුණෙන් විතරක් ජයග්‍රහණය කරනවා නම් ඒකෙන් පෙන්වන්නේ උතුරේ ජනතාව අප කෙරෙහි විශ්වාසයක් තබා නැති බවයි.
අපි හැම කෙනෙකුටම මේ පරිවර්තනය කරන්න අවශ්‍යතාව තිබෙනවා නම්, නැඟෙනහිර, උතුර, දකුණ, කඳුකර ජන ප්රජාවන්ගේ සහාය අවශ්‍යයි. අපි උතුරේ වැඩ කොටසක් කරමින් ඉන්නවා. එහි සිටින තරුණ පරම්පරාවගේ නැගිටීමක් තිබෙනවා. නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ අප කෙරෙහි වන විශාල ප්‍රවණතාවයක් දකින්න තිබෙනවා. උතුරත්, දකුණත්, නැඟෙනහිරත් සියලුම ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් බවට අපි හදන ආණ්ඩුව පත්කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. එය කේන්ද්‍රකරගෙන අපි එම ප්‍රදේශයන් හි පුළුල් වැඩ ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ” යි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.