ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ පවත්වන ලද සාර්ථක සංචාරය අතරතුර දෙරට අතර ඇති කර ගත් එකඟතා පිළිබඳ විස්තර පහත දැක්වේ.

1 ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 3 වන හා 4 වන අදියර, දූපත් 3 දෙමුහුම් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන වැඩසටහන් නිසි කාලයට සම්පූර්ණ කිරීම සඳහා එක්ව කටයුතු කිරීම.

2 ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙනුවෙන් වන ව්‍යාපෘති නිසි කාලයට අවසාන කිරීමට සම්පූර්ණ සහයෝගය ලබා දීම.

3 ශ්‍රී ලාංකාවේ ආගමික ස්ථානවලට සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම සදහා වූ ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කිරීමට සම්පූර්ණ සහයෝගය ලබා දීම.

4 ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගන්නා අවශ්‍යතා හා ප්‍රමුඛතා මත සංවර්ධන සහයෝගීතාව සඳහා නව ව්‍යාපෘති හඳුනා ගැනීම.

5 ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය හරහා වසර පහක කාලයක් තුල අමාත්‍යංශ හා දෙපර්තමෙන්තුවල සේවය කරන ශ්‍රී ලාංකික සිවිල් සේවකයින් 1500 කට අවධානය යොමු කර පුහුණු කිරීම් සංවිධානය කිරීම.

6 ණය මත පදනම් වූ මොඩලයක සිට විවිධ ක්ෂේත්‍රවල ආයෝජන මත පදනම් වූ හවුල්කාරීත්වයන් වෙත උපායමාර්ගික ලෙස මාරු වීම තුළින් වඩාත් තිරසාර වූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, සංවර්ධන හා සෞභාග්‍යය සඳහා වූ මාර්ගයක් වෙත යොමු වීමට රාමේෂ්වරම් හා තලෙයිමන්නාරම අතර වූ මගී බෝට්ටු සේවය ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීම.

7 සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව එහි ධාරිතාවය ඉහළ දැමීම.

8 Sri Lanka Unique Digital Identity Card (SLUDI) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම හරහා පොදු ජනතාවට රජයේ සේවාවන් ලබා දීම වැඩි දියුණු කිරීම ට සහාය ලබා දීම.

9 ඉන්දියාවේ සහය ඇතිව ඩිජිටල් පොදු යතිතල පහසුකම් සඳහා වූ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට එක්ව කටයුතු කිරීම.

10 ඉන්දියාවේ අත්දැකීම් මත DPI stack ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කිරීම. මෙයට Digilocker ක්‍රියාත්මක කිරීම සඳහා සිදු වන තාක්ෂණික සාකච්ඡා ඉදිරියට ගැනීම.

11 රටවල් දෙකෙහිම නියාමන මාර්ගෝපදේශයන්ට අනුකූල වන ලෙස UPI ඩිජිටල් ගෙවීම් භාවිතය වැඩි කිරීම හා ඩිජිටල් මූල්‍ය ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම.

12 ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආධාර් වැඩසටහන, GeM දොරටුව, PM Gati Shakti, ඩිජිටල්කරණය කරන ලද රේගුව හා අනෙකුත් බදු ක්‍රමවේද වලට සමාන වූ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ප්‍රතිලාභ ගවේෂණ කිරීම සඳහා ද්වි පාර්ශවීක හුවමාරුවන් නොනවත්වා කිරීම.

13 කෘෂිකර්මාන්තය, ජලජීවී වගාව, ඩිජිටල් ආර්ථිකය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල හා අනෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සහයෝගීතාවයන් පුළුල් කිරීම.

14 දෙරටේ අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාවය සඳහා කටයුතු කිරීම.

15 Start-up India හා Information Communication Technology Agency of Sri Lanka (ICTA) අතර සහයෝගීතාවය වර්ධනය කිරීම. මෙහිදී ශ්‍රී ලාංකික නව ව්‍යාපාර (start ups) සඳහා උපදේශනය ලබා ගැනීමද ඇතුළත් වේ.

16 ETCA සාකච්ඡා තව දුරටත් සිදු කිරීම.

17 දෙරට අතර වෙළඳ ගනුදෙනු ඉන්දියානු රුපියල් හා ලංකා රුපියල් මත කිරීම වර්ධනය කිරීම.

18 ශ්‍රී ලාංකාවේ අපනයන ශක්‍යතාවය වර්ධනය කිරීම සඳහා වැදගත් ක්ෂේත්‍රවල ආයෝජනයන් දිරිමත් කිරීම.

19 යෝජිත ද්වි පාර්ශවීය සමාජ ආරක්ෂණ එකඟතාවය අවසන් කිරීම වේගවත් කිරීම.

20 ජනාධිපති දිසානායක විසින් කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳව කරන ලද අවධාරණය මත, ශ්‍රී ලාංකාවේ කෘෂිකර්මාන්තය විස්තීර්ණ ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවිම.

21 සමුද්‍රීය හා ආරක්ෂක සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමට එකඟ වීම.

22 ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ රාමුවක් පිළිබඳ එකඟතාවයක් සඳහා ඇති ඉඩකඩ පිළිබඳව සොයා බැලීම.

23 ජලවිද්‍යාව පිළිබදව සහයෝගීතාවය වර්ධනය කිරීම.

24 ශ්‍රී ලාංකාවේ ආරක්ෂණ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු වත්කම් හා වේදිකාවන් ලබා දීම (Defense platforms)

25 ඒකාබද්ධ ක්‍රියාකාරකම්, සමුද්‍රීය මුර කිරීම හා ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡා හා හුවමාරු තීව්‍ර කිරීම.

26 ආපදා අවම කිරීම, සහන හා පුනරුත්ථාපනය සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සහාය ලබා දීම.
ශ්‍රී ලාංකික හමුදාවේ ශක්‍යතා වර්ධනය හා පුහුණු කිරීම වැඩි දියුණු කිරීම.

27 දෙරටේ ධීවරයින් අතර ඇති ගැටළු මානුෂීය ප්‍රවේශයක් සහිතව විසඳීම.

28 කලාපීය සමුද්‍රීය ආරක්ෂාව ද්විපාර්ශවීය හා කලාපීය රාමු හරහා ශක්තිමත් කිරීම.