ජනාධිපති අනුර කුමාර දිසානායක නව රජයේ ආරක්ෂක අමාත්‍ය, මුදල් සැලසුම්, ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික ඇමති ලෙස කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මීට සුළු මොහොතකටය පෙර සිදු වූ අතර තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ඇමතිවරු ලෙස දිවුරුම් දෙන ලදි.

හිටපු අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙවරද අගමැති ලෙස දිවුරුම් දෙන ලදී. ඊට අමතරව ඇය ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමති ලෙසද දිවුරුම් දෙන ලදී.

ඒ අනුව මේ වනවිට ජාතික ජන බලවේගය රජය යටතේ පත් කර ඇත්තේ ජනාධිපතිද ඇතුළුව ඇමතිවුරු 23ක අමාත්‍ය මණ්ඩලයකි.