මෙවර ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ප්රචාරක කටයුතු පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (13) අනාවරණය කරන ලැබුවා. ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යයාලයේ දී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ පසුව අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ මුල්ම මාධ්‍ය හමුව මෙයයි.
“අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වන සෙනසුරාදා ආරම්භ කරන්න සුදානම් කරලා තිබෙනවා. 17 වෙනිදා සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත් එදිනම මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේදීත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේදීත් ආරම්භක ප්‍රධාන මහ රැලි තුනක් දැනටමත් සුදානම් කරලා තියෙනවා. එයින් පස්සේ උතුරු සහ නැඟෙනහිර පළාත් ඇතුළුව සියලු දිස්ත්‍රික් නියෝජනය වන පරිදි ලංකාවේ සෑම ආසනයකම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා. උප නගරවල තවත් රැස්වීම් මාලාවක් අපි සුදානම් කරලා තියෙනවා. ඒ වගේම හැම ගමකම වගේම සහ නිවාස කිහිපයක් එකට එකතු කරනමින් තවත් කුඩා ජනහමු පැවැත්වීමට අපි කටයුතු සැලසුම් කරලයි තියෙන්නේ.
මේ වනවිටත් අපි ලංකාවේ ගෙවල් අතරින් සීයට පනහක් ඉක්මවා තනි තනිව ආමන්ත්‍රණය කරලා තියෙනවා. අපේ ඉලක්කය තමයි අඩුම තරමින් මේ රටේ සෑම නිවසකටම දෙපාරක් අපේ අදහස අරගෙන යන්න. ඒ සඳහා අපි උපරිම උත්සහ කරලා තියෙන්නේ.
මේ 15 වෙනිදා නාමයෝජනා දුන්නට පස්සේ අපි අපේ ඉලක්කයට උපරිම වශයෙන් දායක වෙනවා. හැම නිවසකටම තනි තනිව අපි අපේ මූලික ප්‍රතිපත්ති, සැලසුම්, අරමුණ රැගෙන යනවා. අපි අපේ රට පිළිබඳව අපිට ඇති සැලසුම සහ අපේ ප්‍රතිපත්ති ඇතුලත් පුවත් පතක් අපි හැම නිවසකටම බෙදා දෙනවා.
අපි අපේ සැලසුම්, අරමුණු, ප්‍රතිපත්ති මේ වනවිටත් දුර ඈත ගම වෙත ගෙනිහින් තිබෙනවා. මේ සමාජයේ සියලුම සමාජ කණ්ඩායම් සියලු වෘත්තීන් ආවරණවන ලෙස අපි අපේ අදහස, මතය, අරමුණ, ඉලක්කය ගෙන ගියා.
මේ සියල්ල එකට ගත්තහම අපි හිතන්නේ අපිට තමයි මේ රටේ ජනතාව වෙතට සමීපවීමේ ඉතාමත් ශක්තිමත් සහ සැලසුම් සහගතම විධිමත් වැඩපිළිවෙලක් සහිත මැතිවරණ ප්රචාරක යාන්ත්‍රණය තියෙන්නේ කියලා.
මේ සමඟම අපි අපේ මැතිවරණ ප්රකාශනය මේ 26 වෙනිදා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අපිට ඉතාමත් පැහැදිලියි මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අප සතුවන බව. එය අපට ඉතාමත් විශ්වාසයි” බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.