ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් එක්වී සිටිනු දක්නට ලැබිණි.
ඊයේ කුරුණෑගලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවද නොතකා අති විශාල තරුණ තරුණියන් පිරිසක් ඊට එක්වී සිටීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න, සමාජ ක්‍රියාකාරී වෛද්‍ය නජීත් ඉන්දික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික මෙහෙහුම් කමිටු සාමාජිකා නිපුණා සාරංගි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති නිසල දමිත් සහ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සංවිධායක නිලන්ත බණ්ඩාර සහ රංගන ශිල්පී, සංගීතවේදී සරත් කරුණාරත්න එහිදී රැලිය ඇමතූහ.
ගානයන ශිල්පී රූනි, මලීෂ රත්නායක, රංගන ශිල්පී ඊශාර වික්‍රමසිංහ මෙහිදී ගායන සහ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.