ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (අගෝ 01) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමු වී ඇත. 


මෙම හමුව සිදුව ඇත්තේ බත්තරමුල්ල, පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී ය.

එහි දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’  ප්‍රකාශනයේ පිටපතක් ජාතික ජන බලවේගය වෙත ලබාදී ඇත.

මෙම හමුව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී ඇතුළු පිරිසක් ද, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද සහභාගි වී ඇත.



PHOTO 2024 08 02 16 39 50 2PHOTO 2024 08 02 16 39 51