නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණු නඩු පැවරීමේ ලිපි ගොණු සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ කුමන්ත්රණකාරී ලෙස රනිල් වික්‍රමසිංහ පලා ගිය ආකාරය හැන්සාඩ් වාර්තාවකින් හෙළි වේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල්‍ය අපරාධ සහ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී අනුගමනය කරන ලද කුමන්ත්රණකාරී වැඩ පිළිවෙල රැසක් පසුගිය කාලය පුරාම හෙළි වී තිබිණි. 2016 ජූනි 08 වෙනි දින හැන්සාඩ් වාර්තාවේ සඳහන් කරුණුවලින් හෙළි වන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ද කුමන්ත්‍රණකාරීව පලා ගිය ආකාරයයි.
හැන්සාඩ් වාර්තාවේ දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිව හිර වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ශබ්දවාහිනී පද්ධතිය බිඳ වැටුණු බවත්, එය උපයෝගී කර ගෙන පාර්ලිමේන්තුව කල් තැබූ ආකාරය පිළිබඳවත් ය.