ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ.

විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමඟ සාකච්ඡා කරන බවද ඔවුන් පවසනවා.