ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත.

එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද එකට එක් වී ප්‍රහාරඑ එල්ල කිරීම සිදු කරමින් සිටී. මේ අතර දමිළ ජනතාව අතරේ සමස්තයක් ලෙස දැඩි අවධානයක් මෙන් ම ප්‍රසාදයක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ලැබෙමින් තිබෙන බව වාර්තා වේ.