ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරන විට අනෙක් බොහෝ අපේක්ෂකයින්ට ඇපත් නැතිවී ඇති බව පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

“රටේ ගොඩක් අය බලන් හිටියා අනුර කවද්ද ඇප තැන්පත් කරන්නෙ කියලා. අපි ඇප දෙනකොට ජනාධිපතිවරණයට ඉල්ලන්න හිටපු ගොඩක් අයට ඇපත් නැතිවෙලා අපේක්ෂකයොත් නැතිවෙන තැනට ඇවිල්ලා. අපේ ජයග්‍රහණය සහතික වෙන බවට දැන් තහවුරු වෙමින් තියෙන්නෙ. අද සජිත් එක්ක ඉන්න කට්ටිය තීරණය කරනවා සජිත්ට සහාය දෙනවා කියලා. මෙච්චරකල් රනිල් එක්ක හිටපු රෝහිත අබේගුණවර්ධන කියනවා රනිල් සහාය දෙනවා කියලා. දැන් මෙච්චරකල් කාටද සහාය දුන්නේ. ෆොන්සේකා බනිනවා හෝ ගාලා සජිත්ට මේ මිනිහාට මොකුත් බෑ කියලා. එතකොට පොහොට්ටුවෙ සභාපති සජිත් ළඟට යනවා.

දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේගොල්ලො කරන්නෙ දේශපාලන සූදුවක් කියලා දැන් හම්බන්තොට එපා වෙලා නාමල් රාජපක්ෂගෙ තාත්තා මහින්ද රාජපක්ෂ ආවා කුරුණෑගලට. නාමල් බැලුවා කුරුණෑගල ගිහිල්ලා හරියන්නෙත් නෑ, මිනිහා ආවා අනුරාධපුරේට. ඉතින් තමන් දේශපාලනය කරන් හිටපු පැතිවලම දේශපාලනය කරන් ඉන්න එපැයි. ඉන්න බෑ එහෙ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ. ඒගොල්ලො හිතන් ඉන්නවා අනුරාධපුරේට ආවාම එහෙ මිනිස්සු රවට්ටාගන්න පුළුවන් වෙයි කියලා. ඒ ගොන්නු විකුණලා ඉවරයි” වසන්ත සමරසිංහ මහතා කියනවා