ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (02) සූරියවැව ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි රැලිය අමතන බව එහි සංවිධායකයින් පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලි මාලාවේ තුන්වන ගොවි රැලිය මෙය යි.
‘රට හදන විසඳුමට ගොවි බලය ඒක පෙළට’ ලෙසට නම් කර ඇති මෙම ගොවි රැලි මාලාව ආරම්භ වුණේ පසුගිය මැයි 30 වෙනිදා හිඟුරක්ගොඩ දී යි. එහි දෙවැන්න පැවැත්වුණේ ජුනි 20 වෙනිදා දෙහිඅත්තකණ්ඩියේ දී යි. විශාල ගොවි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම සාර්ථක ගොවි රැලි දෙකින් පසුව තුන්වන ගොවි රැලිය අද සවස 3.00ට සූරියවැව දී එහි සංවිධායකයින් කියන්නේ.