ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ජනාධිපතිවරණ තේමා ගීතය අද එළිදැක්විණ.
ඒ මොනාක් ඉම්පීරියල් හි අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීමේදීයි.
එම තේමා ගීතය මෙසේයි.
සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා..
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට
මිනිසෙක් එනවා..
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
අද මුළු රට – එක මිටකට
සුබ නැකතට – රට අනුරට
ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
පුනරුදයේ නව යුගය හදන්නට
සාගිනි සෝගිනි තුරන් කරන්නට
ලස්සන හෙටකට රට නංවන්නට..
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
අද මුළු රට – එක මිටකට
සුබ නැකතට – රට අනුරට
මඳහස් හැඟුමන් ඉවහල් කරගෙන සදා බිඳින්නට අඳුර..
නිදහස් සටනට නිවහල් මිනිසුන් සමගින් එනවා අනුර..!
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
භේද නැතුව ශ්රී ලංකාවේ
ජන රළ නැගුණේ එනිසා වේ
අද මුළු රට – එක මිටකට
සුබ නැකතට – රට අනුරට ////