ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතලවලට අනුවය.