ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ධුරය දැරූ මාස 14ක කාලය තුළ ඓතිහාසික වාර්තාවක් තබා ඇති බව මහ බැංකු වාර්තාවකින් හෙළි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2004 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මේ සම්බන්ධ තොරතුරු ඇතුලත් කර ඇත. කෘෂිකාර්මික අංශයේ පසුබෑමක් 2004දී සිදු වූ බවත්, 2005දී එය යථා තත්වයට පත් ව ඓතිහාසික ඉහළම නිෂ්පාදන මට්ටමක් වාර්තා කරන ලද බවත්, එහි සඳහන් වේ.