පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.


 ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය.

මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.