මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා අතර ඊයේ (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මෙහිදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය සුභ පැතුම්ද පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා, UNDP ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධ්යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් එක්ව සිටි ඇත.