රනිල්-සජිත් සංසාර වෛරය කොළඹටත් එයි.. නගර සභා බලය මාලිමාවට
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක
අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති
රනිල්ට CID එන්න කියලා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට
රනිල්ගේ පාරේ ගිය තවත් අයෙකු අත්තඩංගුවට
මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ව සිටි ඩොන් හරීන්ද්‍ර ජානක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්තඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබා දෙන බව ප්‍රකාශ කරමින් විශාල මුදලක් කොල්ල කා ඇති ඔහු නිශ්චිත වශයෙන් ම එක් අයෙකුගෙන් ලබා ගත් මුදල් පිළිබඳව තහවුරු
රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 16 ඉරිදා පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් මෙහිදී ඔහු අදහස් දක්වන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක විසින් මීට සුළු මොහොතකට පෙර බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම වාර්තාව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කිරීමටත්, එම කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත යොමු කිරීමටත් සභානායක විසින් යෝජනා කරන ලදී. එමෙන්ම එම වාර්තාව ගැන දින දෙකක විවාදයක් පැවැත්වීටද එම
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, කොමිෂන් සභා වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය
බටලන්ද වාර්තාව සහ රනිල් ?
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පාර්ශ්ව රැසක් මේ වනවිට රජයෙන් ඉල්ලා සිටී. 88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩ සටහනේදී මතුකළ කරුණුත් සමගයි. මොකක්ද
රනිල්ට ඩෝං ගිය Al Jazeera සංවාදය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධනය කළ ආකාරය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම