රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට, ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) යටතේ නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව
පාතාලය පටන් ගත්තේ කවුරු වුණත් ඉවර කරන්නේ අපි – අධිකරණ ඇමති
පාතාලය නිර්මාණය කළේ කවුරුන් වුවද, වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එය සියයට සියයක්ම අවසන් කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි. අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවති 2026 වසරේ බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන්ගේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද
අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට
අද දින (01) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඓතිහාසික පියවරක් තබමින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධ නව නීති රාමුවක් ඇති කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නීතිඥ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ” පනත් කෙටුම්පත මගින් දේශීයව මෙන්ම විදේශගතව ඇති අයුතු
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත්
”සිදුවූ අපහාසුතාවයට කනගාටුයි”, පාර්ලිමේන්තුව අධිකරණ ඇමතිට දන්වයි
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු වෙබ්