සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්
වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක
2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),
ග්‍රාමීය ආර්ථිකය ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්; රථවාහන දඩ සහ හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති සහ 2025 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක්, ඩිජිටල් ආර්ථික අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ මුදල් නෝට්ටු භාවිතයෙන් තොර ආර්ථිකයක් (Cashless Economy)
පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන
2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි. උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026
දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල
ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි
රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.
2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 2026 වසර සඳහා යෝජිත
ග්‍රාමීය ජනතාවට සහනයක්: අලුත් බස් සේවා 40ක් ධාවනයට එක්වෙයි
ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව බස් රථ සේවා 40ක් ඊයේ (01) දින ආරම්භ කරනු ලැබීය. ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත ව්‍යාපෘතියක ආරම්භක පියවර ලෙස මෙම බස් රථ 40 ධාවනයට එක් කර තිබේ. හුදෙක් මූල්‍යමය ලාභය පමණක් පරමාර්ථ කර