පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ ‘මහමොළකරු’ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ අවස්ථාවලදී දේශපාලන කරළියේ මතභේදාත්මක ප්රකාශ සිදු වූ පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල විසින් රචිත නවතම ග්රන්ථය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සහභාගී වීම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
අතීතයේදී සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වූ හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබුණේ, ‘සොනික් සොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා සහ හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ මෙම ප්රහාරයේ මහමොළකරුවන් බවට තොරතුරු ඇති බවයි. කෙසේ වෙතත්, පසුව මෙම මන්ත්රීවරුන් දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයට එක්වීම විශේෂත්වයකි.
එසේම, එවකට සමගි ජන බලවේගයේ මන්ත්රීවරයෙකු වූ අශෝක අබේසිංහ ද මීට පෙර ප්රකාශ කර තිබුණේ, පාස්කු ප්රහාරයේ මහමොළකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවයි. අදාළ ප්රකාශයත් සමඟ ඔහුට බියට පත්වී යම් කාලයක් සැඟවී සිටීමට පවා සිදු වූ බවට මාධ්ය වාර්තා පළ විය.
මෙවැනි පසුබිමක් තුළ, පාස්කු විමර්ශන සම්බන්ධයෙන් කලබලයට පත්ව සිටින බවට චෝදනා එල්ල වන දේශපාලන චරිත රැසක් එකම වේදිකාවක දක්නට ලැබීම විචාරකයින්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත. උදය ගම්මන්පිල විසින් රචිත මෙම ප්රබන්ධ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මෛත්රීපාල සිරිසේන, සජිත් ප්රේමදාස සහ සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටීම, ඉදිරි දේශපාලන ගමනේ සහ පාස්කු විමර්ශනවල හැරවුම් ලක්ෂ්යයක් විය හැකි බවට දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කරති.