වහාම ක්‍රියාත්මක වෙන පරිදි පොලිස් මාරු කිරීම් රැසක් සිදු කර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඇතැම් පොලිස් නිලධාරීන් අන්ත දූෂිත ආකාරයෙන් රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් සමාජයේ පිළිකුලක් එල්ල වෙමින් තිබෙන අතර‍, ඉෂාරා සෙව්වන්දි නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාව සමඟ උපන්දින සාද පැවැත්ම දක්වා විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූවන් පොලිසියේ සිටින බව හෙළි වී තිබේ.

අන්ත දූෂිත ආයතනයක් ලෙස අපකීර්තියට පත් වී තිබූ ශ්‍රී ලංකා පොලිසිය මෑත කාලයේ වේගයෙන් මහජන ප්‍රසාදය දිනා ගනිමින් ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර, තව දුරටත් ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු හෙළි වෙමින් පවතී.