රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට දොඩංගොඩ පොලිසිය සමත් වී තිබේ. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය 07 වැනිදා රාත්‍රියේ දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හර්මන් වත්ත, දෙවන අදියර ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදවා රථවාහන පරීක්ෂා කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එහිදී, හර්මන් වත්ත ප්‍රදේශයේ සිට කළුතර – මතුගම ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක්, පොලිස් මාර්ග බාධකය දැක හදිසියේම ආපසු හරවා පලා යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් සැරයන්වරයෙකු වහාම දිව ගොස් ත්‍රීරෝද රථය නතර කර ඇති අතර, අනෙකුත් නිලධාරීන් ද එක්ව සිදු කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ විද්‍යුත් තරාදිය සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.