ඉන්දියාවේ පැවැත්වෙන ‘රයිසිනා ඩයලොග් 2026’ (Raisina Dialogue 2026) සමුළුවට සහභාගී වීම සඳහා එරටට ගොස් සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ (06) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් හමුවිය.

මෙම නිල සංචාරය අතරතුරදී කලාපීය ආරක්ෂාව සහ ඒකාබද්ධ සහයෝගීතාව සම්බන්ධයෙන් කලාපයේ සෙසු රටවල් සමඟ පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අමාත්‍යවරයා නියමිතය. මෙවර සමුළුව සඳහා භූතානය, සයිප්‍රසය සහ මුරුසි දිවයින යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් ද සහභාගී වී සිටිති.

සමුළුවට සමගාමීව අමාත්‍ය විජිත හේරත් තවත් ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටම එක්ව තිබේ. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉයන් බෝර්ග් (Ian Borg) මෙන්ම කෙන්යාවේ ප්‍රධාන කැබිනට් ලේකම් සහ විදේශ හා ඩයස්පෝරා කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් මුසාලියා මුදාවඩි (Musalia Mudavadi) සමඟ ද ඔහු සාර්ථක සාකච්ඡා පවත්වා ඇත.


ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජයසංකර් සමග
මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉයන් බෝර්ග් සමග
කෙන්යාවේ ප්‍රධාන කැබිනට් ලේකම් සහ විදේශ හා ඩයස්පෝරා කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් Musalia Mudavadi සමග