රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය ඕනා ටොයිඋ (Oana Toiu) අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සහ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඊයේ (02) රුමේනියාවේදී පැවැත්විණි.
1957 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ බව සිහිපත් කළ අමාත්‍යවරුන්, එළඹෙන වසරේදී ඊට වසර 70ක් සපිරීමේ සංවත්සරය සනිටුහන් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළහ. දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් විසින් රුමේනියානු විදේශ අමාත්‍ය ඕනා ටොයිඋ වෙත අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස නිල වශයෙන් ආරාධනා කරන ලදී.
