යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනයකට අනුව බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අයර්ලන්තය යන රටවල සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, පසුගිය 22 වැනිදා නෙදර්ලන්තයේ ලෙයිදන් (Leiden) නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිය.
මෙහිදී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පසුගිය මාස 15ක කාලය තුළ රටේ ආර්ථිකය සහ සමාජයීය දියුණුව වෙනුවෙන් අත්පත් කරගත් ජයග්‍රහණ පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. මැතිවරණ ජයග්‍රහණයේ සිට මේ දක්වා රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ලබා දුන් සහ ලබා දෙමින් සිටින සහයෝගයට රජයේ හෘදයාංගම ස්තූතිය පිරිනමන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
මෙම හමුවට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රේඛා ගුණසේකර ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව සිටියහ.
විශේෂ කරුණක් වන්නේ, අමාත්‍ය බිමල් රත්නායකගේ මෙම යුරෝපා සංචාරයේ සම්පූර්ණ වියදම රජයේ මුදල් භාවිත නොකර, මෙම හමුවීම් සංවිධානය කළ සංවිධායක මණ්ඩලය විසින් දරා තිබීමයි.





