සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 3,089ක (කෝටි 308ක) වටිනාකමින් යුත් වත්කම් සහ දේපළ මේ වන විට තහනම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි.
උපයාගත් ආකාරය නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වූ මෙම වත්කම් අතර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවන් සතු දේපළ මෙන්ම, දේශපාලන බලය අවභාවිත කරමින් අත්පත් කර ගත් දේපළ ද පවතින බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ විමර්ශන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී තවත් සැකකටයුතු වත්කම් රැසක් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව අවධාරණය කළේය.