ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

අලුතින් නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, 2024 වසරේදී 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ස්ථාන 14කින් ඉදිරියට පැමිණ 107 වන ස්ථානය හිමි කරගෙන ඇත.

රාජ්‍ය අංශයේ දූෂණය පවතින බවට වන පූර්ව නිගමනයන් සහ අවබෝධය මැන බැලීම සඳහා ලොව පුරා බහුලවම භාවිත වන ප්‍රධානතම ගෝලීය දර්ශකය වන්නේ මෙම දූෂණ සංජානන දර්ශකයයි (CPI). ශ්‍රී ලංකාව ලබාගත් මෙම නව ශ්‍රේණිගත කිරීම මගින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය අංශයේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් රට යම් සාධනීය ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.