‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊට සහභාගී නොවීය.
පෞද්ගලික හේතූන් මත තමාට අද දිනයේ පැමිණිය නොහැකි බව ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිසිය තහවුරු කරයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පවත්වාගෙන ගිය ‘සිරිලිය’ නමැති ගිණුමේ සිදුවී ඇති බව කියන මූල්‍ය වංචා විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදු කර තිබිණි. කෙසේ වෙතත්, අද දිනයේ පැමිණීමට නොහැකි බැවින් ඒ සඳහා සති දෙකකින් පසු වෙනත් දිනයක් ලබා දෙන ලෙස ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් කර තිබේ.