ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආරාධනයක් මත සිදු කළ සංචාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ගමන් මලු රැගෙන යන්නෙකු (සහායකයෙකු) ලෙස එක්ව සිටි බව සනාථ වී තිබේ.

මේ බව තහවුරු කෙරෙන ඡායාරූප රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් සිදු වූ මෙම සංචාරයට ප්‍රසාද් සිරිවර්ධනට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල ද සහභාගී වී ඇත.

මෙම සංචාරය ඉන්දීය නිදහස් දින උළෙල සඳහා එරට රජයෙන් ලැබුණු නිල ආරාධනයක් බවට පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ප්‍රචාරයක් ගෙන ගිය ද, එය අසත්‍ය බව මේ වන විට තහවුරු වී තිබේ.

මෙම ආරාධනය සිදු කර ඇත්තේ හුදෙක් ව්‍යාපාරික අරමුණු පදනම් කරගනිමින් ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක හිමිකරුවෙකු විසිනි. අදාළ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර බංකොලොත් වීමට ආසන්නව තිබියදී ප්‍රවර්ධන කටයුතු සඳහා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.