ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීම සඳහා වූ යෝජනාව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඇති වූ එකඟතාව මත අග්‍රාමාත්‍යවරිය විසින් මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී.
ඒ අනුව, නව සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න පත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම පත්කිරීම් සඳහා අවසන් එකඟතාවයට පැමිණ පාර්ලිමේන්තුවට නම් යෝජනා කරන අවස්ථාවේදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඊට බාධා එල්ල කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, මෙම නම් ඊයේ ඉදිරිපත් නොකර ඉදිරි පාර්ලිමේන්තු වාරයක න්‍යාය පත්‍රයට ඇතුළත් කර පසුව ඉදිරිපත් කළ යුතු බවයි.
දැනට පවතින ව්‍යවස්ථාදායක සභාවේ බහුතර එකඟතාව නොලැබීම හේතුවෙන් නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම පවා ප්‍රමාද වී ඇති පසුබිමක, මෙම පත්කිරීම් තවදුරටත් කල් දමමින් රට තුළ පරිපාලනමය අර්බුදයක් නිර්මාණය කිරීමට විපක්ෂය ගත් උත්සාහය මෙම පත්වීම් සිදු කිරීමත් සමඟ ව්‍යර්ථ වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.