2026 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන (FDI) ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි.
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සිනොපැක් (Sinopec) තෙල් පිරිපහදුව, දත්ත මධ්‍යස්ථාන (Data Centers), කුළුබඩු සහ පුවක් සැකසීමේ ව්‍යාපෘති මෙන්ම මාර්ගගත විශේෂිත ආර්ථික කලාප පිහිටුවීම වැනි ප්‍රධාන ව්‍යාපෘති දායක කරගැනීමට අපේක්ෂා කරන බවයි.
පසුගිය වසරේ (2025) ශ්‍රී ලංකාවට ලැබුණු මුළු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1057ක් ලෙස වාර්තා වේ. පසුගිය වසර තුළ සමාගම් 186ක් මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇති අතර, ව්‍යාපෘති 146ක් ක්‍රියාත්මක කර තිබේ. ඊට නව ව්‍යාපෘති 70ක් සහ ව්‍යාපෘති පුළුල් කිරීම් 76ක් ඇතුළත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ව්‍යාපෘතිවල ප්‍රගතිය විධිමත්ව අධීක්ෂණය කිරීම, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නියාමන ආයතන සමඟ සමීපව කටයුතු කිරීම වැනි නව පියවර හේතුවෙන් ආයෝජක විශ්වාසය තහවුරු කර ගැනීමට ආයෝජන මණ්ඩලයට හැකි වී ඇති බව අර්ජුන හේරත් වැඩිදුරටත් අවධාරණය කළේය.