දිනෙන් දින ඉහළ යන බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත නව බන්ධනාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට බන්ධනාගාර පද්ධතියේ රැඳවිය හැකි උපරිම ධාරිතාව 11,000ක් පමණ වුවද, මේ වන විට රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 39,000 ඉක්මවා ගොස් තිබේ. මෙම දැඩි තදබදය පාලනය කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකර රැඳවියන් කඩිනමින් ඒ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව, තෝරාගත් රජයේ ආයතන කිහිපයක ගොඩනැගිලි තාවකාලික බන්ධනාගාර ලෙස සකස් කර භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.