වත්මන් රජය ජනවරමට අනුකූලව ක්‍රියා කරමින් සිටින බවත්, එම ගමනට එල්ල වන විකෘති සහ අසත්‍ය චෝදනාවලට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

“ලෙනින් කියවමු” තේමාව යටතේ පසුගිය 21 වැනිදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි. එලෙස අවලාද නගන පිරිස් බටහිර ඇඳුම ඇඳ සිටිය ද, ජාතික ඇඳුම ඇඳ සිටිය ද තමන්ට අදාළ නොවන බව හෙතෙම කියා සිටියේය. යම් හෙයකින් එම ඇඳුම්වලට මුවා වී ආණ්ඩුවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙළි කරමින් එම ඇඳුම් ගලවා තැබීමට කටයුතු කරන බව අමාත්‍ය ලාල්කාන්ත දැඩිව අවධාරණය කළේය.