අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන දින 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කර තිබේ.
ඒ ඔහු ඊයේ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක්, 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව පසුගිය 26 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අතර, යුද හමුදාවෙන් ඔහු වෙත නිකුත් කර තිබූ T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 05ක් සම්බන්ධයෙන් මෙන්ම T56 උන්ඩ 1,500කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.