අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත නිකුත් කර තිබූ ගිනි අවි 20ක් සහ පතොරම් තොගයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි අදාළ ගිනි අවි තොගයට T-56 වර්ගයේ ගිනි අවි 15ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 05ක් ඇතුළත් වේ. මීට අමතරව, හිටපු අමාත්‍යවරයා වෙත නිකුත් කර තිබූ T-56 පතොරම් 1,500කට අධික සංඛ්‍යාවක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතොරම් 100කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ඩග්ලස් දේවානන්දා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පැය 72ක රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.