චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ෂීසාං (Xizang) ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වං ජුන්ෂෙන් (Wang Junzheng), ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් (Qi Zhenhong) සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පෙන්ග් ෂියුබින් (Peng Xiubin) ඇතුළු දූත පිරිසක් එක්වූහ.
මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි. එසේම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
