දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) පෙරවරු 06.00ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ තිබී සොයාගත් මලු 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය ‘අයිස්’ සහ ‘හෙරොයින්’ බවට මූලිකව හඳුනාගෙන ඇති බවයි. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යාත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බහුදින ධීවර යාත්‍රාව ගන්දර ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවයි. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර ප්‍රමාණය හෝ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.