දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක විශේෂ ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙම ආධාර පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය මුදලක් සහ ආපසු ගෙවිය යුතු නොවන අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ඇතුළත් වන බව විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.