දිවයින පුරා පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මාසයක විශේෂ සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පසුගිය මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් මෙම සහනය හිමි වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම විශේෂ කාලසීමාව තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝනය කිරීමක් ලෙස නොසලකන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී ඇත.
ඒ අනුව, අදාළ කාලය තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම විශේෂ තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.